සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍ර ලබා ගැනීම
- අයදුම්කරු පෞද්ගලිකව පෙනීසිටිය යුතුය.
- අයදුම්කරු වයස අවුරුදු 17 සම්පූර්ණ කර සිටිය යුතුය.
- ජාතික හැදුනුම්පත හෝ ජාතික හැදුනුම්පතේ අංකය ඇතුළත් වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය. (පද්ධතිය ජාතික හැඳුනුම්පත නිරීක්ෂණය කිරීම මගින් ක්‍රියාත්මක වේ)
- අදාල ක්‍රියාවලිය තුළ දී අදාළ ඡායාරූප ලබා ගනු ඇති බැවින් ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවේ.
- ඔබ දුර බැලීම සඳහා ඇස් කණ්නාඩි භාවිත කරන්නේ නම් ඒවා රැගෙන එන්න.
- ඔබ කිසියම් රෝගයක් සඳහා දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගන්නේ නම් (උදා: දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදිය) නියමිත වේලාවට ඔබගේ ඖෂධ ලබා ගන්න.
බර වාහන සඳහා නව රියදුරු බලපත්‍ර ලබා ගැනීම
- අයදුම්පත් දිනයට පෙර අවම වශයෙන් ගතවූ වසර 2 ක කාලයක් සඳහා සැහැල්ලු වාහන බලපත්‍ර (B සහ B1 වාහන පංති පමණක්) හිමියකු විය යුතුය.
- ජාතික හැදුනුම්පත හෝ ජාතික හැදුනුම්පතේ අංකය ඇතුළත් වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය. (පද්ධතිය ජාතික හැඳුනුම්පත නිරීක්ෂණය කිරීම මගින් ක්‍රියාත්මක වේ.)
- මෝටර් බස්රථ සහ මෝටර් ලොරි කාණ්ඩය සඳහා බලපත්‍ර ලබා ගැනීම සඳහා අඩි පහක අවම උසකින් යුක්ත විය යුතු ය.
- බර වාහන රියදුරු බලපත්‍රය සඳහා ඉගෙනුම්/පුහුණු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්කරු වයස අවුරුදු 20 සපුරා සිටිය යුතුය.
- බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්කරු වයස අවුරුදු 21 සම්පූර්ණ කර සිටිය යුතුය.
රියදුරු බලපත්‍ර අළුත් කිරීම සඳහා
- පැහැදිලි ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ පැරණි රියදුරු බලපත්‍රය රැගෙන ආ යුතුය.
අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම
- ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ අධිකරණය විසින් නිකුත් කරන ලද ලිපිය.
- සේවාදායකයා බන්ධනාගාරයේ සිට ඉදිරිපත් කර ඇත්නම් ඔහු අත්අඩගුවට පත්ව පැමිණ සිටිය යුතුය.
මාර්ග බලපත්‍රයක් ලබා ගැනීම
- පැහැදිලි ජාතික හැඳුනුම්පතක් හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ බර වාහන රියදුරු බලපත්‍රය රැගෙන යා යුතුය.